වලව මිටියාවතේ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණ ලා උඩගම ග්‍රාමයේ පිහිටි රමණීය භූමි භාගයක් වූ දොන් හෙන්ද්‍රික් දිසානායක මහතාට අයත් ඉඩමක ක්‍රිස්තු වර්ෂ 1950 පෙබරවාරි මස 28 වන දින ආරම්භ කරන ලදර/ඇඹි/ඇඹ්ලිපිටිය මහා විද්‍යාලීය විදු මාතාව නම් වන ඈ එවකට සිසුන් 28 දෙනෙකුගෙන් හා ගුරු භවතුන් 3 දෙනෙකුගෙන් සමන්විත විය. එහි මුල් ගුරුතුමා වූයේ රණතුංග මැතිතුමාය.
මානව සම්පතින් හා භෞතික සම්පතින් ක්‍රම ක්‍රමයෙන් පොහොසත්වූ මෙම විදුහල 1960 දශකයේදී මහා විදුහලක් බවට උසස් උසස් වීමත් සමග සරසවි වරම් සඳහා ද දරුවන්ට දොරටු විවර වුණි. උසස් පෙළ කලා විද්‍යා වාණිජ විෂය ධාරාවෙන් පන්ති ආරම්භ වී ප්‍රදේශයේ කැපී පෙනෙන ප්‍රධාන පාසලක් බවට ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලයීය පාසල් මාතාව පත් වූ බව සටහන් තබන්නේ හද පිරි සතුටිනි.
වලව මිටියාවතේ සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ වීමත් සමග වලව නිම්නයේ නවෝදය අප පාසල් මාතාවට ද නව ජීවයක් එක් කිරීමට සමත් විය. ර/ඇඹි/කැටගල්ලාර විද්‍යාලය, ර/ඇඹි/ජනාධිපති විද්‍යාලය, ර/ඇඹි/රාජකීය විද්‍යාලය, අප විදුහල් මාතාවගේ දූ දරුවන්ගෙන් ගුරු මණ්ඩලයෙන් හා සම්පත් ඇසුරෙන් ආරම්භ වූ පාසල් ත්‍රිත්වයක් බව සනිටුහන් කරන්නේ මහත් ආඩම්බරයෙනි. පාසල් සංවර්ධන සමිතියේ දායකත්වයෙන් ද පාසලේ පවත්නා සීමිත සම්පත් උපයෝගී කරගනිමින් ද, ඇඹිලිපිටිය කලාපය තුළ දිනෙන් දින දිදුලන පාසලක් ලෙස අප පාසල අභිමානනීය ගමන් මගේ පිය සටහන් තබද්දී. සිසු අභිවෘද්ධිය උදෙසා පවත්වාගෙන යන ශිෂ්‍යභට හා බාල දක්ෂ ඒකකයත් විදුහලේ දිනෙන් දින වාර්තා තබන ක්‍රීඩා අංශයත් පරිසරභට ඒකකය, ශිෂ්‍ය නායක සංසදයයත් පාසලට මහත් ආලෝකයක් එක් කළේය.
වර්ෂ 2000.02.28 වන දින අඩ සියවස් සැමරුම් ස්වර්ණ ජයන්තිය පැවැත්වීමට තරම් අප පාසල් මෑණියෝ අභිමානවත් වූහ. එදා මෙදා තුර අප පාසලට සවියක් වූ පාසල් දිරියෙන් ඉදිරියට ඔසවා තැබූ අවැසි මඟ පෙන්වූ විදුහල්පතිවරුන් සංඛ්‍යාව විසි හතරක් වූ අතර නැණ නුවණ පාදා ලොවට වැඩ සෑදූ තම දිවි එකලු කරගත් සිසු දැරියන් සංඛ්‍යාව දස දහස් ගණනකි. දිනෙන් දින දියුණුවේ පා සටහන් තබන ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලීය විදුහල් මාතාවට 2003 වර්ෂය සුවිශේෂී වර්ෂයක් විය. නව විද්‍යාගාරයක් හා පරිගණක තොරතුරු තාක්ෂණ ඒකකයක් තම භෞතික සම්පත් ගොනුවට ඇතුළත් වීම එයට හේතුවයි විද්‍යාලීය දරු දැරියන් අධ්‍යාපන සංවර්ධනයට ඉමහත් රුකුලක් වූ බව නොරහසකි.
සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන 1 ඒ.බී. වර්ගයේ පාසලක් වන අප විදුහල 2018 වර්ෂය පාසල් ඉතිහාසය තුළ අභිමානයෙන් සටහන් තබන්නේ "උපදේශන හා තාක්ෂණ ඒකකය" නමින් පාසල සතු එකම දෙමහල් ගොඩනැගිල්ල පාසල් භෞතික සම්පත් ගොනුවට එක් වීම නිසාවෙනි. මෙසේ ජයග්‍රාහී ගමන් මගක පා තබන අප විද්‍යාලයේ වත්මන් නියමුවාණන් වන ගරු විදුහල්පති නිහාල් පිටගම්පල මැතිදුන් සහ නියෝජ්‍ය විදුහල්පති මණ්ඩලයද ඉන් නිබඳව සවියක් සපයන ඇදුරු මඩුල්ලේ නොමසුරු කැපවීම ද සවිමත් ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය සංගමයද පාසල අද ලබා ඇති දියුණුවේ පෙරමං සලසා ඇති බව සටහන් තබන්නේ ඉතා සතුටෙනි. මෙම සියලු කැපකිරීම් හමුවේ අද වනවිට ක්‍රීඩා, සෞන්දර්ය, සිංහල භාෂාව හා සාහිත්‍ය ආදී ජයග්රහන රැසක් අත්පත් කරගෙන ඇති අතර ශිෂ්‍ය සාධනය අතින් ද විශිෂ්ට ජයග්රහන රැසක් අත්පත් කර ගැනීමට විදුහල් මාතාව සමත් වී ඇත. මේ සියලු කරුණු කාරණා හමුවේ ප්‍රදේශයේ ජනප්‍රියම පාසලක් බවට පත්වී ඇති අප පාසල විදුහල්පතිතුමන් ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරු 4 දෙනෙක් ද ගුරු භවතුන් 95 ක්ද අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 ක් සහ දරු දැරියන්. 1850කින් සමන්විතය. හැත්තෑ වසරක් පුරාවට විදු මවුනි ඔබ ආ ගමන් මග මෙසේ සනිටුහන් තබනද්දී, සමස්ත ඇඹිලිපිටිය පුරවරයට පමණක් නොව මුළු මහත් දේශයටම ඔබ බිහිකල සත්පුරුෂයින් දස දහස් ගණනකි.
"ලොවම දිනනා දැයට හොබනා පිරුණු මිනිසකු තනමු අගනා" දැක්මෙන් යුතුව සුවහසක් දැයේ දූ දරුවන්ගේ නැණ පහන් එකලු කරන්නට ර/ඇඹි/ ඇඹිලිපිටිය මහා විද්‍යාලීය විදු මවුනි, ඔබට දිරිය ශක්තිය ලැබේවා!
වැඩි දුර විස්තර සඳහා පහත් සබැඳිය click කරන්න