දස අත කිතු ගොස පතුරා
පාසල් මෑණි අපේ වොරැදේ..............//
චන්ද්‍රිකා වලවේ පහස ලබන ඔබ
වැජඹෙන ජය දද බැඳ නිතිනේ
ඇඹිලිපිටිය මහා විදුහල් මෑණී
සැරදේ සැරදේ සැරදේවා................//
දස අත කිතු ගොස පතුරා....
රට දැය සමයට හිතැතිව වැඩ කොට
ඔබගේ ගරු නම රකිමු අපි
ලක් මවගේ හොඳ පුර වැසියෝ
අපි වෙමු ඔබගේ දූ දරුවෝ
දස අත කිතු ගොස පතුරා....
පාසල් මෑණී සිප්මිණි දානි
සෙවනේ සිසිලේ වැඩෙමු අපි
ඔබ නම අපගේ හදෙහි සදා
සුරකිමු දිවි දී බැතිනි සදා
දස අත කිතු ගොස පතුරා....