විදුහල්පති පණිවිඩය
ඇඹිලිපිටිය මහා විද්‍යාලය2023 සබරගමු පලාත් පාසල් කබඩි 20 න් පහල බාලක අනුශූරතාවය

අසීමාන්තික නව්‍යකරණය කරා ගමන් කරන මෙවන් යුගයක දිරියෙන් ඉදිරියට විශිෂ්ටත්වය කරා දිනෙන් දින පා තබන අපගේ විදු මාතාව නව වෙබ් අඩවිය සමාරම්භය තබන මේ මොහොතේ සටහනක් තබන්නේ හද පිරි සතුටිනි.
ජාතියේ ජීවනාලිය වන අනාගත පරපුර රටට වැඩදායි සාරධර්ම අගයන කුසලතා පරිපූර්ණ දැනුම කුසලතා ආකල්පයන්ගෙන් පිරුණු නිර්මාණශීලී අභිමානවත් දරුවන් රටට දායාද කිරීම පාසල සතු මහඟු වගකීමකි. එම අරමුණු ඉටු කර ගැනීමට. පාසල සමග සබඳතා දක්වන බොහෝ පාර්ශවයන් සමඟ අන්තර් සබඳතා සහයෝගීත්වයෙන් යුතුව පවත්වාගෙන යාමට මෙම නව වෙබ් අඩවිය බෙහෙවින් ඉවහල් වන බව මාගේ පරම විශ්වාසයයි.
නව දැක්මකින් යුතුව වේගවත් සංවර්ධනයක් කරා ගමන් කරන මෙම විදු බිමට ගුණ නැණ බෙලෙන් නිර්මාණශීලී අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හැකි දූපුතුන් රටට දැයට දායාද කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි සුබ පැතුම් එක් කරමි!
විදුහල්පති,
කේ.විි.එම්.එම්.කුමාරි