පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
නිල ඇඳුම /ශිෂ්‍යන් සදහා
කොණ්ඩය
කොණ්ඩය කොටට කපා මනා ලෙස එක් පැත්තකට පීරා තිබිය යුතුය.කොණ්ඩය පිටුපස තම කොලරයේ නොගෑවෙන ලෙස තිබිය යුතුය.පොල් තෙල් හැර කිසිඳු ආලේපයක් යෙදිය නොහැක.දෙපැත්ත සුදු වන සේ කොණ්ඩය කපා නොතිබිය යුතුය
සපත්තු
කළු සපත්තු පමණක් පැළඳිය යුතුය. ඉදිරි පස
උල් හැඩය ඇති සපත්තු පැළදීම තහනම් ය.සපත්තු නොපලදින අවස්තාවල කලු සෙරෙප්පු පාමණක් භාවිත කළ හැක
කමිසය
තනිපට මැස්මෙන් පමණක් මසා තිබිය යුතුය.එය ඉදිරිපස තනි සාක්කුවෙන් වම් පසට අල්ලා තිබිය යුතුය.කිසිදු මූට්ටුවක් ඉදිරිපස නොතිබිය යුතු අතර සුදු රවුම් බොතිතම් පමනක් ඇල්ලිය යුතුය.වම් පස ඉදිරි සාක්කුවේ පාසලේ ලාංචනය අල්ලා තිබිය යුතුය.ශරීරයට හිර වන සේ කමිසය මැසිය නොහැකි වන අතර කමිස අත තම අතේ වට රවුමට වඩා අඟල් දෙකක් විශාල විය යුතුය.
එහි දිග වැලමිට දක්වා විය යුතුය. පිටුපස කිසිදු ආකාරයක ප්ලීට් නොතැබිය යුතුය. පිටුපස තිරස් අතට පමණක් උරහිස අසලින් මුට්ටුවක් තිබිය හැක. සුදු පැහැති අත් නැති මෙස් බැනියමක් බැනියමක් පමණක් ඇදිය යුතුය. ඉදිට පස අල්ලා ඇති පළමු උඩින් යට බොත්තමට උඩින් යට බැනියම් නොපනිය යුතුය.
කලිසම
6 වසරේ සිට 9 වසර දක්වා නිල් කොට කලිසම් ද 10 වසරේ සිට 13 වසර දක්වා සුදු දිග කලිසමද වන්නේය. කහිපට මැස්මෙන් මසා තිබිය යුතුය.දෙපසට පොකට් දෙකක් තැබීය යුතුය. ඩෙනිමි බොත්තම් / බැජ් නොඇල්ලිය යුතුය.පෝල්ට එක තම දනහිස දක්වා පහසුවෙන් එක්විය හැකි ප්‍රමාණයට වට රවුමක් තබා තිබිය යුතුය.අගල් 15-17 අතර වට රවුම පෝල්ට් එකේ ප්‍රමාණය
රැවුලු කපන සිසුත් මුහුනේ කිසිදු ස්ථානයක රැවුල නොමැති වන ලෙසට දිනපතා රැවුල සාපිය යුතු වේ. කිසිදු රැවුල් මෝස්තරයක් භාවිතා කිරීමට අවසර නැත..
පාසැල් බෑගය -
පාසල නිර්දේශ කොට ඇති පාසල් බැග් පමණක් භාවිතා කළ හැක. ( සයිඩ් බුග් සපුරා තහනම්ය. පාසල් පරිසරය තුළ හිස් වැසුම් පැළදිය නොහැක.


නිල ඇඳුම /ශිෂ්‍යාවන් සදහා
කරල් දෙකක් වන ලෙසට ගොතා එහි අවසන් අග දෙකට නවා කළු පහති රිබන් එකකින් බැදිය යුතුය. කොණ්ඩය කොට කපා ඇත්නම් කණ පැහැදිලිව පෙයනිත පරිදි කොණ්ඩය කොලරයේ නොගෑවෙන පරිදි කටු ගසා විධිමත්ව පීරා කටු ගසා තිබිය යුතුය.
සපත්තු -
සුදු ස්පත්තු පැළද සුදු මේස් දැමිය යුතුයි. අඟල් 4 ක් උස්ට් මේස් පැළඳිය යුතුය. සපත්තු නොමැති විට කළු රබර් සොරප්පු පමනක් පැළදිය හැක. එය ද පිළිගත හැකි හේතූන් මත පමණි)
නියපොතු:
නියප්පාතු වැචිය නොහැක. ස්වාභාවික නියපොතු වර්ණ ගැන්වීම නොකළ යුතුය.
කරාබු හැර වෙනස් කිසිදු ආහාරණයක් පැළදිය නොහැක මාත්‍ර මුසු, බේස්ට්, තල් ආදිය) රන් පැහැති කරාබු පමණක් භාවිතා කළ යුතුය. අවශ්‍ය නම් පොට තුනකින් යුක්ත සුදු පිරිත් නූලක් පමණක් දකුණු අත් බැඳිය හැන, අපල සඳහා යම් ආභරණයක් පළදින්නේ නම් ඒ හා දෙමාපියන් පැමිණ අදාල ගුරුභවතුන් දැනුවත් කළ යුතුය.
ගවුම
දණහිස වසන පරිදි දිගින් යුක්ත විය යුතුය. ගවුම යට වාටිය අඟල් දෙකස් අමතරව තිබිය යුතුය.එක් පැත්තට අඟල් එක් රැෆි 8 ක් විය යුතුය. ගවම් ඉදිරි පස ඉහල විවරය අගල් 6ක් පහලට තබා බොත්තම් මදකක් අල්ලා තිබිය යුතුය.ගවුමේ හැට්ටය ඇඟට තද නොවන සේ මසා සිබිය යුතුය.ගවුමෙ අත දිගින් උරහිස හා වැල්මිට අතර හරි මැද ප්‍රමානයට දික් විය යුතුය. ග්වුමේ වීම පස පාසලේ නිළ බැජ් එක සහිත සාක්කුව අල්ලා තිබිය යුතුය. ගවුමේ ඉන අත පහසට දිගහැරිය විට වැලැව්වේ ප්‍රමාණයට විය යුතුය.
රෝව බැම
සිසිඳු ලෙසකට මුහුණ,අභිබම තුළ රෝම ඉවත් කිරීමක් නොකළ යුතුය.
පාසල් බෑගය -
පාසල නිර්දේශ කළ පාසැල් බෑග් හැර වෙනත් ග් භාවිතා නොකළ යූතුය.
