- ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ අධ්‍යපනය හදාරන සෑම ශිෂය/ශිෂ්‍යාවක්ම උදෑසන 7.15 ට පෙර පාසලේ ප්‍රදාන ගේට්ටුවෙන් ප්‍රවේශ විය යුතුය.ප්‍රධාන ගේට්ටුවෙන් හැරුණු විට වෙනත් කිසිදු ස්තානයකින් පාසලට අතුලත් වීම හෝ බැහැර යාම නොකල යුතුය.පාසලට අතුළු වූ ශිෂ්‍යයා පන්ති කාමරයට යා යුතු අතර උදේ 7.30ට පෙර නියමිත පිරිසුදු කිරීම් අවසන් කළ යුතුය.පන්ති කාමරයේ හා සමස්ත පාස්ලේ පිරිසුදු භාවය පිළිබඳ සෑම දරුවෙකු මෙන්ම පන්තිභාර ගුරුවරයාද වගකිව යුතුය.
- පාසල ආරම්භ කරන නාදය නිකුත් වීමත් සමග් සියලුම සිසුන් ආගමික වතාවත් පැවත්වෙන ස්තානයට රැස්විය යුතු අතර පන්ති අනුව පිළිවෙලකට පේළි අනුව පෙළ ගැසිය යුතුය
- පාසල් ගීතය/ ඡත්තමානවක ගාථා ජාතික ගීය වාදනය වීමේදී පාසල් භූමිය තුළ රැඳි සිටින සෑම පුද්ගලයෙක්ම තමන් සිටින තැන නිශ්ශබ්දව සීරුවෙන් සිටිය යුතුය. කිසිඳු ශිෂ්‍යයෙකු ආගමික වතාවත් හා රැස්වීම් අවස්ථාවට නොපැමිණ වෙනත් ස්ථාන වල ගැවසීම නොකළ යුතුයි. සෑම දරුවෙක්ම පාසැල් ගීය ඡත්තමානවක ජාතික ගීය ගායනා කළ යුතුය.
- උදෑසන අගමික වතාවත් රැස්වීම නිමවීමෙන් පසු සියළුම සිසුන් පන්ති අනුව පේලියට තම පන්ති කාමරය වෙත ගමන් කළ යුතුය. පාසල නිම වන තෙක් පන්ති කාමරයේ පමණක් රැඳි සිටිය යුතු වන අතර විවේක කාලය තුළදී පමණක් අවශ්‍යතා වෙනුවෙන් පාසල් භුමිය තුළ සැරිසැරිය හැකිය. පාසල් කාලය තුළ ක්‍රීඩා පිටිය අනවශ්‍ය පරිදි ගැවසීම තහනම් වන අතර ක්‍රීඩා කාල පරිච්ඡේදයේදී ක්‍රීඩා පිටිය භාවිතයට ගන්නේ නම් ක්‍රීඩා භාර ගුරු භවතෙකු සිටිය යුතුය.
- කාල පරිච්ඡේදය සඳහා ගුරු භවතෙකු පන්තියට අදාල කාල පැමිණෙන තුරු පන්තියේම රැඳී සිටිමින් ගුරුවරයා එවා ඇති ඇගයීම කළ යුතුය.
- ජංගම දුරකතන පාසල් භූමිය වෙත ගෙන ඒම සපුරා තහනම් වන අතර එවැනි ජංගම දුරකතනයක් හෝ එවැනි වෙනයම් දෙයක් ගුරු භවතෙක් විසින් පවරා ගනු ලැබුවහොත් එය කිසිසේත් නැවත භාර නොදෙනු ඇත කිසිම හේතුවක් නිසා දෙමාපියන් එය පාසලට නොපැමිනිය යුතුය
07.පාසලට නොගැලපෙන පොත් පත් / පුවත් පත් සඟරා හා වෙනත් විවිධ උපකරණ පාසල් භූමිය වෙත නොගෙන ආ යුතු වන අතර විශේෂ අවස්ථාවකදි විදුහල්පති අංශභාර හෝ වෙනත් ගුරු භවතෙකුගේ විශේෂ අවසරයක් පරිදි පාසලට අදාල දෙයක් පමණක් රැගෙන ආ හැකිය. - යම් ශිෂ්‍යයෙකු දින දෙකකට වඩා වැඩි කාලයක් පාසලට නොපැමිණියේ නම් දෙමාපියන් ඒ බව පන්ති භාර ගුරුවරුන් දැනුවත් කළ යුතුය. පාසල නිම වීමට පෙර පාසලන් බැහැරව යන්නේ නම් පන්තිභාර ගුරු භවතා හරහා සිසුන් බැහැර යන පොතේ සටහන් කොට විධිමත්ව පිට වී යා යුතු වේ.
- පාසලින් බැහැරව පාසල නියෝජනය කරමින් සහභාගි වන සෑම අවස්ථාවකදීම විද්‍යාලයේ ගෞරවය, අභිමානය ආරක්ෂා වන පරිදි ගුරු භවතෙකු සමග පමණක් සහභාගි විය යුතුය.
- අලුතින් පාසලට අතුලත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවක වදය හෝ ඒ සමාන කිසිඳු ක්‍රියාවක් සිදු නොකළ යුතු වන අතර එවන්නක් කිරීම හෝ එවැන්නක් කිරීම හෝ එවැන්නක් සදහා අනුබල දීම දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි.
- පාසලේ ඉගෙනීම් කාලය තුල කිසිදු ශිෂ්‍යයෙකු උපකාරක පන්ති වලට සහභාගී වීම සපුරා තහනම්.
- විද්‍යාලයේ පවත්වෙන සියලුම වාර විභාග/ඇඟයීම් සදහා අනිවාරයෙන්ම සහභාගි විය යුතුය.උසස් පෙළ සිසුන් 80% පැමිනීම වාරතා ක්ලර නොමති නම් එම විභාගයට ඉල්ලුම් කිරීම සුදුසු නොවේ.
- විද්‍යාලසිය ධනය මණ්ඩලය තුළින් වැරදි කරුවෙකු වන සැබෑ සිසුවෙකුගේම පෞද්ගලික ලිපි ගොනුව විදුහල්පති යටතට ගනු ලබන අතර එම ලිපි ගොනුවේ විශේෂ සහනක් විදුහල්පතිතුමා විසින් තබනු ඇත. චරිත සහතික ශිෂ්‍ය කාර්ය සාධකය ලබා ගැනීමේ දී එම ලිපි ගොනුවේ තබන ලද සහන සැලකිල්ලට ගනු ඇත.
- වර්ණ ඇඳුම් පැළඳුම් පළඳා පාසල් පරිසරය තුළ සැරිසැරීම සපුරා තහනම වන අතර කිසියම් කාර්යක් සඳහා කාර්යාලයට පැමිණ එය ඉටුකර ගත් වහාම පාසල් භූමියෙන් බැහැර විය යුතුය. ගුරුභවතෙකු හමුවීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා පැමිණියේ නම් ඒ සඳහා විදුහල්පතිතුමාගේ අවසරයක් ගත යුතු වේ.
- පාසලේ කාල පරිච්ඡේද නිමවීම හා වෙනත් සංඥා සඳහා හොඳින් ඇහුම්කන් දී ඊට අනුව ක්‍රියාත්මක විය යුතුය.
- පාසල නිම වීමෙන් පසු ප්‍රධාන ගේට්ටුවෙන් පිට වී කහ ඉරෙන් පාර මාරු වී පාරේදකුණු පසින් සංවරව ගමන් කළ යුතුය.
- පෞද්ගලික වාහන වලින් පාසලට පැමිණෙන දරු දැරියන් පාසලේ ප්‍රධාන ගේට්ටුවට මීටර් දහයක් (10m) වත් දුරින් බැස පාගමනින් පැමිණිය යුතුය.
- පාසල් පරිසරය තුළ පන්ති කාමර තුළ ගැහැණු හා පිරිමි දරුවන් තනි තනිව හැසිරීම හා කතාබස් කිරීම නොකළ යුතුයි.
- පාසල් උත්සව අවස්ථා වලදී හා වෙනත් අවස්ථා වලදී පාසලින් බැහැර පුද්ගලයන් පාසල වෙත කැඳවාගෙන ඒම කිසිම සිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් නොකළ යුතුය.
- දෙවන වර විභාග වලට පෙනී සිටින සිසුන් අවශ්‍යතාවන් සඳහා පාසලට පැමිණෙන විට පාසලට ගැලපෙන සාමාන්‍ය ඇඳුමකින් සැරසී පැමිණිය යුතු අතර අවශ්‍යතාවය ඉටුකරයත් වහාම පාසලින් බැහැරව යා යුතුය. පාසල් පරිසරය තුළ හැසිරීම හෝ පන්ති කාමර වලට ඇතුල් වීම සපුරා තහනම් ය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි