ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ජේෂ්‍යඨ ගුරුවරියක වූ එස්.පී.පී.කුලතුංග මිය
කලක් රෝගාතුරව සිට 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 25 වන දින අප අතරින් සමු ගත්තාය.
එස්.පී.පී.කුලතුංග මිය අප පාසලේ සිංහල විෂයය ඉගැන්වූ ගුරු මාතාවක වන අතර අප පාසලේ පරිසර භට, බාලදක්ෂ හා ශිෂ්‍ය නායක මණ්ඩලය යනු කටයුතු වලදී පෙරමුණ දරමින් කටයුතු කර පාසල වෙනුවෙන් ඉමහත් සේවයක් කර ගුරුවරියක විය. අභාවයට පත් වන විට මෙතුමිය පාසල වටා සෙවණ ලබා දීමට මී ගස් වවා තිබූණි. සිය රෝගී තත්වය හමුවේ උවද පාසලට පැමිණ එතුමිය සිය කාර්යය මැනවින් ඉටුකළාය. පසුව ශරීරයේ ඇති වූ දැඩි අපහසුතාවක් නිසා මෙතුමිය රෝහල් ගත වුණි. එවිටද එම රෝගය උත්සන්නවී තිබූ බැවින් දිනෙන් දින අසාධ්‍ය වීමත් සමගම 2022.09.25 වන දින එස්.පී.පී.කුලතුංග මිය තමන්ගේ දිවි ගමන නිමා කලාය.



